Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉතිහාසයේ ප්‍රථම වරට සධාතුක කරඬුව දේවාරාභරණ ශ්‍රී පාදස්ථානය වෙත  වැඩමවීම සඳහා මෙවර මාර්ග හතරක් ඔස්සේ පෙරහර සංවිධානය කොට ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවැසූහ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යයාල ශ්‍රවණාගාරයේදී  පැවති 2019-1020 ශ්‍රී පාද සමය වෙනුවෙන් පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන දෙසැම්බර් පොහෝ දිනයෙන් ආරම්භ වී 2020  මැයි මස පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතය. දෙසැම්බර් 09 වන දින ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව ඇතුළු දේව ප්‍රතිමා විශේෂ නැකතකට අනුව එළියට වැඩමවා චාරිත්‍රානුකූලව තේවාවන් කර 10 වන දින අළුයම ශ්‍රී පාද රජමහා විහාරයේ සිට දේව පෙරහැර 04ක් ඔස්සේ ශ්‍රී පාදය කරා ගමන් ඇරඹීමට නියමිත අතර දෙසැම්බර් 11 දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ශ්‍රී පාද වාරය ආරම්භ වීමට නියමිතය.

රත්නපුර කුරුවිට එරත්න මාර්ගයෙන්  බැතිමතුනන් විශාල පිරිසක් ගමන් ගන්නා බැවින් කුරුවිට ප්‍රාදේශීය සභාව සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව නව දේව පෙරහැරක් ගමන් කිරීමට නාහිමි කටයුතු කරනබව උන්වහන්සේ පැවසූහ.

ඒ අනුව සධාතුක කරඬුව ඇතළු දේව ප්‍රතිමා වැඩමවීම ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහ විහාරයෙන් දෙසැම්බර් මස ආරම්භ වේ. පැල්මඩුල්ල - බලංගොඩ - නල්ලතන්නිය හරහාද , පැල්මඩුල්ල - රත්නපුර - අවිස්සාවේල්ල - ගිනිගත්හේන හරහාද, පැල්මඩුල්ල - පලාබද්දල- රජමාවත් හරහාද, පැල්මඩුල්ල - කුරුවිට - එරත්න මාර්ගය හරහාද මෙම පෙරහර හතර ශ්‍රී පාදස්ථානය කරා ගමන් කරනු ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.