දේශපාලනය සඳහා ළමුන් යොදා නොගන්න - ළමා ආරක්ෂණ අධිකාරයෙන් ඉල්ලිමක්
- 2019-10-12 08:18:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.
ළමයින් දේශපාලන කටයුතු වලට සහභාගී කර ගැනීම මගින් ඔවුන්ව කායික හෝ මානසික හිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වේ. එමෙන්ම එවැන්නක් ළමයාගේ අයිතිවාසිකම්ද උදුරාගනු ඇති බවයි ඔවුහු අවධාරණය කරන්නේ.
එවැනි සිදුවීම් වෙතොත් 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා හෝ ලිඛිතව හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම් දෙන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments