ධරණීය සංවර්ධනය පිළිබඳ 7 ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය ලංකාවට
- 2020-05-22 18:07:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් 'නව යථාර්ථයන්ට' අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ‘වර්චුවල්’ රැස්වීමක් ලෙස මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කවුන්සිලයේ (UNESCAP) ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත මෙන්ම තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන සමන්තා කේ. ජයසූරිය මහත්මිය එම 7 වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපති ධුරයට ඒකමතිකව තේරී පත් වූවාය. ඒ අනුව ඇය ඉදිරි වසරක කාලයක් සභාපති ධුරය හොබවනු ඇත.
‘ආසියා පැසිෆික් කලාපයේ 2030 ධරණීය සංවර්ධන න්‍යාය පත‍්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග’ යන තේමාව යටතේ 7 වැනි ආසියා පැසිෆික් සංසදය පැවත්විණි.
2030 ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම සඳහා එක්සත් ජාතීන් ‘ක‍්‍රියාකාරී දශකය’ ප‍්‍රකාශයට පත්කළ බව සමාරම්භක සැසිවාරය අමතමින් සිහිපත් කළ තානාපතිනි ජයසූරිය මහත්මිය එම අරමුණු අත්පත් කරගැනීමේදී සියලුම ආයතන හා සමාජයේ සියලුම සාමාජිකයන් මෙන්ම බහුපාර්ශ්වික සහයෝගීතා රාමුවක් තුළ සියලුම පාර්ශවකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් ජාතික හා කලාපීය මට්ටමින් මනා ලෙස සම්බන්ධීකරණය කළ ප්‍රතිචාරයන්ගේ වැදගත්කම අවධාරණය කළාය.
Reply To:
Name - Reply Comment
0 Comments