නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක්
- 2019-10-23 13:56:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් පසුගියදා (20 දා) ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින් තිබියදී නෞකාව සමබරව තබා ගනිමින් හෙලිකොප්ටර් යානය නෞකාව මතට ගොඩබෑම සඳහා අවශ්‍ය සහාය ලබා දීම නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (අවි) උදය කුමාරසිංහ ඇතුළු කාර්ය මණ්ඩලය සාර්ථකව සිදු කරන ලදී.
තවද, අවස්ථාව ඉදිරි නාවික ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් සඳහා ශක්තිමත් අඩිතාලමක් සපයනු ඇත.
මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා නාවික හමුදා කිමිදුම් ඒකකය සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) ද අනුයුක්ත කර සිටි අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ද සහභාගී විය.
Reply To:
Name - Reply Comment
0 Comments