නැඳුන්ගමුවේ රාජා වෙනුවෙන් මුද්දරයක්
- 2019-12-26 13:58:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා ලබාදී ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා රුපියල් 45 ක් වටිනා මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
මේ සඳහා වන රාජ්‍ය උත්සවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 30 වෙනි දින පෙරවරු 9 ට සිය නිවෙස්දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව රාජා හස්තියාගේ හිමිකරු වන ගම්පහ, නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.
දොළොස් වතාවක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති රාජා හස්තියා මේ වනවිට 66 වියෙහි පසුවන අතර , මීට වසර 60 කට පමණ පෙර ඉන්දියාවේ මහරාජාවරයෙකු විසින් ඔහුගේ රෝගයක් සුවකළ පිළියන්දල , නීලමහර වෙද හාමුදුරුවන් වෙත තිළිණයක් ලෙසින් පරිත්‍යාග කොට ඇතත් පසු කළෙක අභාවප්‍රාප්ත නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය පී.ඩී.පී.ධර්මවිජය මහතා මිලදී ගැනීමෙන් පසුව මේ වනවිට එම වෛද්‍යවරයා වරයාගේ පුත් හර්ෂ ධර්මවිජය මහතාගේ රැකවරණය යටතේ හැදී වැඩෙන්නේය.
තැපැල් මුද්දරය සහ මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සව අවස්ථාවෙන් පසුව රාජා හස්තියාට දීර්ඝායු සහ සෙත් පතා වැලමිටියාවේ කුසලධමම නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරනු ලබන බවද ධර්මවිජය මහතා පැවසීය.
තිලකරත්න දිසානායක
Reply To:
Name - Reply Comment
0 Comments