නෙවිල් නානායක්කාර සමුගනියි
- 2019-01-09 17:11:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජ්‍ය සේවයේ සුවිශේෂි වාර්තා තබමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරයක් කළ නෙවිල් නානායක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලංකාවේ ළාබාලම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස 1981දී පත්වීම් ලැබීම හා එතැන් සිට 2005 දක්වා අවුරුදු 24ක් රාජ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස දීර්ඝතම සේවාවක් සහිතව කටයුතු කිරීම එම සුවිශේෂී වාර්තාවයි.
ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ නිර්මාතෘ මෙන්ම ආරමභක සභාපතිද වන නෙවිල් නානායක්කාර මහතා ශ්‍රි ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළේය.
ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (10දා) සිදුකිරිමට නියමිත අතර එම දේහය හෙට පස්වරු 3.00 සිට 3.30 දක්වා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු පරිශ්‍රයට රැගෙන ඒමටද නියමිතය.
1975 වසරේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට එක්ව ඇති ඒ මහතා 1981 වසරේදී රජයේ මුද්‍රණලාධිපති ලෙස පත්වන්නේ ශ්‍රි ලංකා රාජ්‍ය සේවයේ ළාබාලම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙසිනි. එතැන් පටන් ඔහු රජයේ මුද්‍රණාලාධිපති ලෙස අඛණ්ඩව අවුරුදු 24ක් සේවය කිරීමට සමත්වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ලෙස දීර්ඝතම සේවා කාලයට හිමිකම් කියමිනි.
අවසන් කටයුතු හෙට (10දා) සවස 4.00ට දලුගම පල්ලිය පොදු සුසාන භූමියේදී සිදුකෙරයි.
Reply To:
Name - Reply Comment
0 Comments