Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කෙරේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වෙති.නෙළුම් කුලුණේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්ගල් තැබුවේ 2012 ජනවාරි 20 වැනිදාය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සහ ඒරෝස්පේස් ලෝන්ග් මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඞ් කෝ. ලිමිටඞ් (ඒ.එල්.අයි.ටී.) සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය යන පාර්ශ්ව අතර ගිවිසුමකටද 2012 වසරේ ජනවාරි 3 වැනිදා අත්සන් තැබිණි.

චීනයේ මාවතක් තීරයක් (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) ව්‍යාපෘතිය යටතේ නෙළුම් කුලුන ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබන ලදී.
චීනයේ එක්ස්පෝට් ඇන්ඞ් ඉම්පෝට් (එක්සිම් බෑන්ක් ඔෆ්) හි මූල්‍ය ප්‍රතිපාදන වලින් ඉදි කෙරුණු නෙළුම් කුලුණේ ඇස්තමේන්තු ගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3 කි.

මීටර 350 කින් උසින් යුතු නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුනවන අතර ලෝකයේ 18 වැනි උසම කුලුනද වෙයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සහයෝගිත්වයෙන් සිවිල් ඇන්ඞ් ස්ට්‍රක්චරල් ඉංජිනියරින් කන්සල්ටන්ට්ස් පෞද්ගලික සමාගම නෙළුම් කුලුනේ ව්‍යුහාත්මක ඉංජිනේරු උපදේශක වශයෙන් කටයුතු කළේය.

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදි කර තිබෙන නෙළුම් කුලුන 600 දෙනකුට ආසන පහසුකම් ඇති කැරකෙන ආපන ශාලාවකින්, නිරීක්ෂණ මහළකින් (තට්ටුවකින්) දහසකට ඉඩ ඇති උත්සව ශාලාවකින් හෝටල් පහසුකම්වලින් සමන්විත මහල් දෙකකින් ආපනශාලා පරිශ්‍රයකින් විදුලි සංදේශ කෞතුකාගාරයකින් කාර්යාල පරිශ්‍රයකින් හා ප්‍රදර්ශන පරිශ්‍රයකින් සමන්විතය.

වාහන 200 ක් නතර කිරීමේ පහසුකම් සහිත රථගාලක් ද මෙහි වේ අවට පරිශ්‍රයේ විශාල ජල උද්‍යානයක් ඉදි කිරීමට නියමිතය.නෙළුම් කුලුනේ වේදිකා පරිශ්‍රය මහල් පහකින් සමන්විත අතර කුලුනේ ප්‍රධාන කොටස (ටවර් හවුස්) මහල් අටකින් සමන්විතය. කුලුනේ කුඹ ගස කොටස මීටර් 86.9 කින් සමන්විතය. මෙම කොටසේ රූපවාහිනී, ගුවන් විදුලි සහ අනෙකුත් දුරකථන සන්නිවේදන ඇන්ටනාවලින් සමන්විතය. නෙලුම් කුලුනේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තය වන අතර ඇන්ටෙනා බද්දට දීමෙන්ද ආදායම් ඉපැයීමට අපේක්ෂිතය.

විකාශන සේවා 50 කට රූපවාහිනී සේවා 50 කට සහ විදුලි සංදේශ සේවා සපයන්නන් 20 කට නෙලුම් කුලුන මගින් පහසුකම් සැපයීමට අපේක්ෂිතය.

අද විවෘත වන නෙළුම් කුලුන ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුලුනට වඩා මීටර 26 කින් උසින් වැඩිය.

සි.එස්.ඊ.සීටී.ආර්.සී.සී.ඊ.අයි.ඊ.සී. යන වෙබ් අඩවි සහ අන්තර්ජාල වාර්තා ඇසුරිනි.

හර්ෂණ තුෂාර සිල්වා   - ඡායාරූප - කුෂාන් පතිරාජා සහ nelumkuluna fage

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.