නෙළුම් කුළුණ 2021දී ජනතා අයිතියට
- 2020-06-17 07:42:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නෙළුම් කුළුණ 2021 වසරේ මුල් මාස කීපයේ දී මහජනයා වෙනුවෙන් විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.
මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදාජනාධිපති කාර්යාලයේදීපැවති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ.
ව්‍යාපෘතියට සමගාමීව නෙළුම් කුළුණ පරිශ්‍රයේ ඇරඹීමටනියමිතආපනශාලා,වෙළෙඳසැල් හාවිනෝද ක්‍රීඩා පහසුකම් සඳහාදේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ටද අවස්ථාව ලබාදිය යුතු බවත්, එසේම සාම්ප්‍රදායිකනිර්මාණ සඳහාද ඉඩ සැලසියයුතු බවත් ජනාධිපතිවරයා එහිදී උපදෙස්දී තිබේ.
හෙතෙම පෙන්වාදී ඇත්තේ පරිශ්‍රයේ අභ්‍යන්තර සැලසුම් එක් එක්ව්‍යාපෘතියට අදාළ ආයෝජකයන්ට නිර්මාණශීලීව ඉදිරිපත් කර අනුමත කරගැනීමෙන් පසු ක්‍රියාත්මක කළ හැකි බවයි.
ඒ අනුවව්‍යාපෘතියටසමගාමී ආයෝජන සැලසුම් පිළිබඳ දේශීය විදේශීය ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම වහාම අරඹන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට දැනුම්දී තිබේ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,විදෙස් සංචාරකයන්ට මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවටද නෙළුම් කුළුණ දැකගනිමින්එහි ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව සැලසියයුතු බවයි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments