නේපාලයේත් සාපෙළ විභාග මධ්‍යස්ථානයක්
- 2019-11-23 16:13:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයන් හත්දෙනෙකු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන බැවින් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ විභාග මධ්‍යස්ථානයක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත සිසුන් වෙනුවෙන් තංගල්ල, රත්මලාන, මාතර ප්‍ර‘දේශවල විභාග මධ්‍යස්ථාන පවත්වන බවත්, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් වෙනුවෙන් එම රෝහල තුළද විභාග මධ්‍යස්ථානයක් පවත්වන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසා සිටියේය.
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ හා වටරැක සුනීත විද්‍යාලය තුළත් විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරන බවත්, මීට අමතරව පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙනුවෙන් රට පුරා විභාග මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූහතක් පිහිටුවන බවත් හෙතෙම පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා පාසල් අයදුම්කරුවන් හාරලක්‍ෂ තිස්තුන්දහස් පනහක් හා පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්‍ෂ අසූතුන්දහස් නවසිය පනස්අටක් පෙනීසිටීමට නියමිත අතර, සමස්ත අයදුම්කරුවන්ගේ ප්‍රමාණයට හත්ලක්‍ෂ දාහත්දහස් අටකි.
Reply To:
Name - Reply Comment
0 Comments