පරිසර නියමුවෝ 93ක් ජනපති පදක්කම් ලබති
- 2019-01-31 13:09:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් පාරිසරික උරුමය මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමු වැඩසහන පාසල් පද්ධතිය තුළ කි්‍රයාත්මක කරනු ලබයි.
අට වන වරටත් පැවැති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේ දී පාසල් 40ක පරිසර නියමුවන් 93 දෙනෙක් ජනාධිපති අතින් ජනාධිපති පදක්කම් ලැබූහ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල්, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments