Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව දියුණුතම තාක්‍ෂණය යොදාගනිමින් 100%ක් පරිසර හිතකාමී ලෙස ශ්‍රී ලංකාවේ ජලජීවි වගාව මහා පරිමාණ ධන උත්පාදන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව මේ වනවිට සැලසුම් කර ඇති පරිදි ජලජීවී වගාව මහ පරිමාණ ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීම මගින් උපයන විදේශ විනිමයෙන් පමණක් ලංකාවේ අයවැය පරතරය නැති කළ හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් කොතෙකුත් ඉදිරිපත් වුවත් මේ සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම බාධාවක්ව ඇති බවද සඳහන් කර සිටියේය.

ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරීයේදී සිය අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිප් වෙදආරච්චි මහතා,

"දැනටමත් විදේශ ආයෝජකයන්  රැසක් ජලජීවී වගාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්ව සිටිනවා.ජලජීවී වගාව සඳහා වඩාත් සුදුසු ඉඩම් රැසක් මේ වනවිටත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සිදු කළ අධ්‍යයන මගින් හඳුනාගෙන තිබෙනවා.

මෙම ජලජීවී වගාවන් ආරම්භ කිරීමත් සමග විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා වගේම ග්‍රාමීය ජනතාව අතට විශාල මුදලක් හිමිවන වැඩපිළිවෙළක් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. මේ සියලු පියවර මගින් සෑම ජලජීවී වගා ව්‍යාපෘතියක් ආශ්‍රිතවම වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ගත හැකියි.

විදේශ ආයෝජන කියන්නේ රටට සම්පතක්.ඒ නිසා වඩ වඩාත් විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතුයි.පසුගිය කාලයේ කුඩා ජලජීවී වගා බිම් තැන් තැන්වල ආරම්භ කර පවත්වාගෙන ගියත්, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගැටලු මතු වුණා. ඇතැම් වගාබිම් මේ වනවිට අත්හැර දමා ඇති නිසාරජයේ පූර්ණ අධීක්‍ෂණය සහ කළමනාකරණ වැඩපිළිවෙළක් යටතේ ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව ව්‍යාප්ත කිරීමට කාලය පැමිණ තිබෙනවා.

සියලු දෙනා සාකච්ජා කර රටට සම්පතක් වන ජලජීවී වගාව මහ පරිමාණයෙන් ආරම්භ කිරීමේදී ඉඩම් ලබාගැනීමට ඇති බාධා ඉවත් කරගැනීම වෙනුවෙන් වඩාත් සුබවාදී අදහස් මත පිහිටා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කළ යුතුයි. ඒ නිසා මෙම කටයුතු එක් මොහොතක් හෝ පමා නොකළ යුතුයි" යනුවෙන්ද පැවසීය.

නිදර්ශනී වික්‍රමසිංහ

 

       

 

 

     

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.