පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් - වැසි තත්ත්වයේ වැඩිවීමක්
- 2018-05-17 14:37:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
Reply To:
Name - Reply Comment
0 Comments