Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිවයිනේ පළාත් කිහිපයක අද (7) දිනයේදී දැඩි උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත‍්‍රික්කයේත් බොහෝ ස්ථානවලට මෙම දැඩි උණුසුම් තත්ත්වය බලපානු ඇතැයි සඳහන්
මේ දිනවල පවතින ඊසාන දිග මෝසම් කාලගුණ සමයේදී තද සුළං නොහැමීම හා වායුගෝලයේ ජලවාෂ්ප ප‍්‍රමාණය ඉහළ යාමත්, දිවයිනට හිරු මුදුන්වීමට ආසන්නව තිබීමත් මෙම තත්ත්වයට හේතු වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
අවදානමක් ඇතිවන ප‍්‍රදේශවල ජනතාව අද (7) දිනයේදී එළිමහනේ සිදුකරන වෙහෙසකාරී කටයුතු සීමාකිරීම, ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි තාක් සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම කරන ලෙස කාලගුණ විද්‍යා ඉල්ලා සිටී. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත්වීමත්, කුඩා ළමුන් තනිව වාහන තුළ දමා නොයන ලෙසත් දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වේ.
එවැනි අවදානම් කටයුතුවල නිරතවීමෙන් විජලනය, මස්පිඬු පෙරලීම, අධික වෙහෙස වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව ද එහි සඳහන්ය. මේ අතර මධ්‍යම, දකුණු, ඌව සහ සබරගමු පළාත්වලත් කළුතර දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප‍්‍රදේශයන්හි උදය කාලයේදීද වැසි ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශිකාව කීවාය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.