Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කුණු යනු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ප්‍රශ්නයක් නොවේ. එය සමස්ත ලෝකයටම පොදු වූ ප්‍රශ්නයක්. කසළවලදී නොදිරන කසළ යනු පාරිසරික වශයෙන් දැවැන්ත ප්‍රශ්නයක්. එහිදී ප්ලාස්ටික්වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

ලෝකය පුරා වසරකට නිපදවන ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් පමණ බව වාර්තා වෙයි. මෙය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක්ම දූෂණය කිරීමට ප්‍රමාණවත්.

කෙසේ වෙතත් මෙම ගැටලුව සඳහා වෙනස්ම ආකාරයක විසඳුමක් ලබාදීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙයි. ඔවුන් ප්ලාස්ටික් ආහාරයට ගත හැකි පනුවෙක් හඳුනාගෙන ඇත.

ස්පාඤ්ඤයේ කැන්ටබ්‍රියා විශ්වවිද්‍යාලයේ සංවර්ධන ජීවි විද්‍යාඥවරියක මෙම සංකල්පය මුලින්ම හඳුනාගෙන ඇති අතර, පසුව එය ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරුවන් පිරිසක් දියුණු කර තිබේ. මෙම පනු විශේෂයට සාමාන්‍ය ප්‍රමාණයේ පොලිතීන් බෑගයක් විනාඩි 40ක පමණ කාලයකින් ආහාරයට ගෙන අවසන් කළ හැකි බව සඳහන් වෙයි.

මී වදවල ඉටි ආහාරයට ගන්නා පනු විශේෂයක් ප්ලාස්ටික් බෑගයක දමා තිබියදී එහි ස්ථාන කිහිපයක සැලකිය යුතු ප්‍රමාණයක සිදුරු තිබී ඇතිව තිබේ.

මේ  පිළිබඳව දිගින් දිගටම කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් අනුව මෙම පනුවන් 100ක් රාත්‍රිය පුරාවටම පොලිතීන් මිලිග්‍රෑම් 92ක් ආහාරයට ගෙන තිබුණි. ඒ අනුව පනුවන් 100කට මාසයකට ග්‍රෑම් 5.5ක ප්ලාස්ටික් බෑගයක් ආහාරයට ගත් හැකි බව ගණන් බලා තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

1 2

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.