ප්‍රධාන ආගම් පහක පෙළපොත අධ්‍යනය කරයි
- 2019-07-02 12:47:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංහිඳියාව පලුදු කරන ලද, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළපොත්වල ඇතුළත් කර තිබේදැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත්කරන ලද විශේෂ කමිටුව විසින් ප්‍රධාන ආගම් 05ක පෙළපොත් අධ්‍යයනය කරන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පැවසීය.
ඒ අනුව පළමු වසරේ සිට 11 වසර දක්වා බුද්ධ ධර්මය, කතෝලික ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය, හින්දු ධර්මය අඩංගු පෙළපොත් හා උසස් පෙළ ගුරු අත්පොත් අධ්‍යයනය කරන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මුල සිට පෙළපොත් සියුම්ව අධ්‍යයනය කිරීම සංකීර්ණ කටයුත්තක් බවත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින විද්වතුන් පිරිසක් එක්ව සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
කමිටුවේ නිරීක්‍ෂණ අවසානයේදී විද්වතුන්ගේ අදහස් සහිතව වාර්තාව සකස් කර අධ්‍යාපන ලේකම්වරයාට ලබාදීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පැවසීය.
දැනට පවතින පෙළපොත්වල සංහිඳියාව පලුදු කරන ලද, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු තිබේ නම්, මීළඟ පෙළපොත් සංශෝධනයේදී ඒවා ඉවත් කරන බවද ජයන්ත වික්‍රමනායක මහතා පවසා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments