ප්‍රධාන බාලදක්ෂ පදවිය ජනපතිට
- 2020-01-17 11:56:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය. සංගමයේ ප්‍රධාන අනුශාසක ධූරය ද ඔහුට පිරිනැමිණ.
රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල්වන බව ජනාධිපති රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
මේ පරමාර්ථය සපුරා ගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක්‍රියා කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දෙන බව ද ඔහු කීය.
ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය, ක්‍රමයෙන් වෙනස් කොට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටට අවශ්‍ය හා අභියෝග ජයගැනීමට සමත් පුරවැසියන් බිහි කළ හැක්කේ එමගින් පමණකැයි පෙන්වා දුන්නේය.
“ අද තිබෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. එය ශිෂ්‍ය කේන්ද්‍රීය දිසාවට යොමු කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය ඒ සඳහා දායක කර ගන්න පිළිවන්.” ජනාධිපතිතුමා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments