පාසල්වලට සිසුන් පැමිණීමේ වර්ධනයක්
- 2019-05-16 07:12:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙවැනි පාසල් වාරයේ පාසල්වලට වැඩියෙන්ම සිසුන් පැමිණි දිනය ඊෙයේ (15දා) වාර්තා වූ බව ගුරුවිදුහල්පතිවරු සඳහන් කරති.
බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිණීම 30%කට ආසන්න අගයක්ගෙන තිබූ බවත්, පොදුවේ බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිණීම තුන්සියය ඉක්මවා ගොස් තිබූ බවත් එම පිරිස් පෙන්වා දෙති.
පාසල්වලට ඊයේ (15දා) දිනයේදී විශේෂ ආරක්‍ෂාවක් ලබාදී තිබූ අතර, එම වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරන බව ආරක්‍ෂක අංශ සඳහන් කරයි.
දෙවැනි පාසල් වාරය පසුගිය අප්‍රේල් 22 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණද, එය අප්‍රේල් 29 වැනිදා දක්වා කල්දැමීමට කටයුතු කළ අතර, පසුව එය මැයි 06 දක්වා කල් දැමීමට කටයුතු කෙරිණි.
ඒ අනුව දෙවැනි පාසල් වාරයේ දින 18ක් මේ වනවිට සිසුන්ට අහිමි වී තිබේ. අද දිනයේදී ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම 90% ඉක්මවාගොස් තිබූ බවත් වාර්තා වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments