පාසල් කම්කරු සේවක නාම වෙනසක්
- 2019-09-05 14:06:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමතව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු හා මුරකරු තනතුරු දරන 4,766 කගේ තනතුරු නාම සංශෝධනය කරනු ලැබ ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නාම සංශෝධනය සිදු කර තිබේ.
එම තනතුරුධාරීන් බඳවා ගැනීමේ දී ඒ සඳහා අයදුම් කරන සංඛ්‍යාව, තනතුරු ඇබෑර්තු සංඛ්‍යාවට වඩා ඉතා අවම අගයක තිබීම සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යනයකින් පසුව පෙනී ගිය හේතු පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ කරුණු දැක්වීම පිළිගෙන ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පාසල් කම්කරු තනතුරු නාමය සේවා සහායක යනුවෙන් ද, සනීපාරක්ෂක කම්කරු තනතුරු නාමය සේවා සහායක (සනීපාරක්ෂක) වශයෙන් ද, මුරකරු තනතුරු නාමය සේවා සහායක (ආරක්ෂක) ලෙසට ද සංශෝධනය කොට තනතුරු ලේඛනය යාවත්කාලීන කර ගන්නා ලෙස දන්වා තිබේ.
වත්මන් සමාජයේ ජීවත්වීමේ දී රැකියාව, තනතුරු නාම හා තරාතිරම යනාදියෙන් තොරව සෑම දෙනාටම සමානාත්මතාවයෙන් සැලකීම මානව අයිතිවාසිකමක් බැවින්, එම තනතුරුධාරීන්ට සාධාරණය ඉෂ්ඨ කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය ඉහත ඉල්ලීම යොමු කර තිබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments