පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට විශේෂ වැඩසටහනක්
- 2018-08-13 13:35:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා සහ හැකියාවන් සහිත පාසල් දරුවන්ගේ දක්ෂතා ජාතික මට්ටමට සුදුසු පරිදි නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සකස්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පෙරේදා (10) පැවති පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් හා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා සංවිධානය කර තිබූ ක්‍රිකට් ක්‍රීඩා හැකියා සංවර්ධන පුහුණු වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට වගකීම් බාර දී ඔවුන්ට එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දීම දේශපාලන නායකත්වයේ කාර්යභාරය බැවින් පාසල් ක්‍රිකට් ඉහළ නැංවීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමටත් එය ක්‍රියාත්මක කිරීමටත් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන් සම්බන්ධ කර ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම අනුව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පුහුණුකරුවන් සහ උපදේශකවරුන්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමින්විතව පිහිටුවන ලද කමිටුව විසින් සකස්කරන ලද පාසල් ක්‍රිකට් ජාතික මෙහෙයුම් සැලැස්ම 2018-2020 මගින් ඉදිරිපත් කර තිබූ යෝජනා ද සැලකිල්ලට ගනිමිනි.
මෙහිදී සිදත් වෙත්තමුණි මහතා පාසල් තරග සිට පළමු පෙළ තරග දක්වා පිතිකරණ කලාව යන මැයෙන් ද මහේල ජයවර්ධන මහතා තරුණ ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම යන මැයෙන් ද රුචිර පල්ලියගුරු මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකභාවය, විනය සහ නායකත්ව භූමිකාව යන මැයෙන් ද දේශන හා සාකච්ඡා පැවැත්වූහ.
මීට අමතරව ජයන්ත සෙනෙවිරත්න මහතා පාසල් ක්‍රිකට් පුහුණුකිරීම් සම්බන්ධ අත්දැකීම් පිළිබඳව ද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව ද වැඩසටහනේදී අදහස් ඉදිරිපත් කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments