පාසල් කාලයේදී උපකාරක පන්ති තහනම්
- 2018-04-05 16:34:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් පැවැත්වෙන කාලය තුළ උපකාරක පන්ති තහනම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ඒ අනුව පාසල් පැවැත්වෙන උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම වළක්වාලීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා අද (05දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇතැම් අවස්ථාවලදී පාසල් දරුවන් පාසල් නොපැමිණ උපකාරක පන්තිවලට සහභාගිවන බවත්, එමගින් පාසල්වල අධ්‍යයන කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඇතැම් පාසල්වල උසස් පෙළ පන්තිවල සිසුන් පාසල් පැමිණීම සීග්‍ර ලෙස පහත වැටීමට මෙය හේතුවක් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර 2018 වසරේදී පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ 80%ක පාසල් පැමිණීම සලකා බැලීමේදී පසුගිය කාලයේ පැවැති ගංවතුර සහ නායයාම් ඇතුළු ස්වභාවික ආපදාවන්ගේ බලපෑමට ලක් වූ සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සහනයක් සලසන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments