පාසල් නිවාඩුවට කොළඹ - බදුල්ල විශේෂ දුම්රිය සේවා
- 2018-12-06 20:53:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් නිවාඩුව නිමිති කරගෙන නොවැම්බර් 07වැනිදාසිට ජනවාරි 06 වැනිදා දක්වා බදුල්ල හා කොළඹ අතර ධාවනය වන විශේෂ දුම්රිය සඳහා දුම්රිය බලපත්‍ර භාවිත කර ගමන් පහසුව සලසා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් දුම්රිය ප්‍ර‘වේශ පත්‍ර කලින් වෙන්කරවා ගැනීමට පහසුකම් නොමැති බවත්, අදාළ දිනවලදී දුම්රිය ස්ථානයෙන්ම ප්‍ර‘වේශපත්‍ර ලබාගත යුතු බවත් වෙළෙඳ හා අලෙවි නියෝජ්‍ය කළමනාකරු එම්.ජේ.ඉදිපොළ මහතා සඳහන් කළේය.
බොහෝ පිරිසකගේ ඉල්ලීම මත මෙම දුම්රිය සේවාව ආරම්භ කරන බවද හෙතෙම පවසා සිටියේය.
මේ අනුව කොළඹ සිට බදුල්ල දක්වා නොවැම්බර් 07දා හා 09,11,13,15,17,19,21,23,25,27,29 හා ජනවාරි 01, 02,03 සහ 05 යන දිනවල විශේෂ දුම්රිය ධාවනය වන බවත්, සෑම දිනකම උදෑසන 7.30ට කොළඔ කොටුවෙන් දුම්රිය ආරම්භ වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව බදුල්ල දුම්රිය ස්ථානයේ සිට මේ මස 08, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30 හා ජනවාරි 02, 04, 06 යන දිනවල කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය කෙරේ.
උදෑසන 9.30ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් මෙම දුම්රිය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙය සාමාන්‍ය දුම්රියක් ලෙස සලකා ගාස්තු අයකරන බවත්, මීට අමතරව බදුල්ල - කොළඹ අතර ධාවනය වන දුම්රියන්ද සාමාන්‍ය පරිදි ධාවනය කරන බවත් එම්.ජේ.ඉදිපොළ මහතා සඳහන් කළේය. (wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments