Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංහිඳියාවට බාධා කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළ පොත්වල ඇතුළත් කර ඇත්දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

සහරාන්ලා බිහිකරන්නට මුල් ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 1980 සිට ලබාදෙන පාසල් පෙළ පොත් බවට පසුගිය දා (20දා) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සාක්ෂි දෙමින් රිෂ්විත් නිෂාමන් මහතා විසින් කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමුකර මෙම විශේෂ කමිටුව පත් කර තිබේ.

ඉස්ලාම් දහම පිළිබඳ කරුණු ඇතුළත් ප්‍රධාන ග්‍රන්ථය ලෙස සැලකෙන කුරානයෙහි පවා සඳහන් නොවන ආගමික නීති රැසක්, විශේෂයෙන් ම මරණ දඞුවම ලබාදීම සම්බන්ධ ව 1980 සිට 2015 දක්වා පෙළ පොත්වල අන්තර්ගත කර ඇති බවත් 2015 සිට සැර බාල කරමින් එම ආගමික කරුණු ඉදිරිපත් කර ඇති බවත් රිෂ්විත් මහතා එහි දී සඳහන් කළේය.

වර්තමානයේ පාසල්වෙත නිකුත් කර ඇති ඉස්ලාම් ධර්මය පෙළපොත්වල සමාජ මතභේදයට තුඩුදෙන අන්දමේ කරුණු අන්තර්ගත නොවන බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා සඳහන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන් ම දැනට පවතින සියලු ම පෙළපොත් සියුම් ව අධ්‍යයනය කර, කිසියම් ආකාරයකින් හෝ සංහිඳියාවට බාධා කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු ඇත්නම් ඒවා ඉවත්කිරීමට  මීළඟ පෙළ පොත් සංශෝධනයේ දී පියවර ගන්නා බවත්, ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.