Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නූතන ලෝකයට ගැ‍ළපෙන, නව දැනුම සහ කුසලතා සමග සංවර්ධනය වන දක්ෂ දරුවන් අධ්‍යාපනයෙන් බිහිකිරීමට හැකිවන අයුරින් පාසල් විෂය මාලාව සකස් කිරීම වෙනුවෙන් නිවැරදි පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව 2023 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත නව විෂය මාලා සංශෝධන යටතේ පාසල් විද්‍යා විෂය මාලාව තුළ මෙතෙක් පැවති ක්‍රමය වෙනුවට පර්යේෂණ මත පදනම් වූ විද්‍යා අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයත්, ජාතික අධ්‍යාපන ආයතනයත්, ජාතික විද්‍යාභීවර්ධන සංගමයත් එක්ව මෙම පර්යේෂණාත්මක ප්‍රවේශයකින් යුත් නව විෂය මාලාව, විද්‍යා විෂය සඳහා හඳුන්වා දීමට මේ වනවිට අවශ්‍ය  පියවර ගෙන ඇත.

අනාගතයට ගැළපෙන ප්‍රවේශයකින්, ලෝකයේ වෙනත් දියුණු රටවල විද්‍යා විෂය සම්බන්ධ පාසල් විෂය මාලාව සකස්ව ඇති ආකාරය පිළිබඳ සැලකිල්ලට ගනිමින්, ආර්ථික සංවර්ධනයටත්, දේශීය අනන්‍යතාවටත් ගැළපෙන විශ්වීය පුරවැසියන් බිහිකිරීම සඳහා මෙම විෂය මාලා සංශෝධනය කෙරේ.

STEM Education (Science,Technology,Engineering,Mathematics) හරහා ලෝකයේ පිළිගත් රැකියා අවස්ථා සඳහා දරුවන් ප්‍රවේශ කරවිය හැකි අයුරින් මෙම විෂය මාලා සංශෝධන සිදුකෙරේ.

පෙළපොතට සීමා වූ කටපාඩම් කරගත් දැනුමෙන් විභාග සමත්වීමේ අධ්‍යාපනයෙන් දරුවන් බැහැරකරවමින්, වැඩ, ව්‍යාපෘති පාදකව වඩාත් ප්‍රායෝගික මුහුණුවරකින් විෂය ඉගෙනීමට අවස්ථාව දරුවන්ට සලසා දීමට මෙම සංශෝධන යටතේ පියවර ගැ‍නේ.

ලිඛිත විභාගයකින් පමණක් සිදුකරන ඇගයීම්වලින් බැහැර ව සිසුන් නිරන්තරව විෂය සම්බන්ධ ඇගයීමට ලක්වන අන්දමේ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් මෙම විෂය මාලා සංශෝධනයට ද යෝජනා වී ඇත.

සිසුදරුවන්ගේ විශ්ලේෂණ හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව සහ නිර්මාණශීලී චින්තනයට සිසුන්ට වැඩි ඉඩ අවස්ථා සලසමින්  මෙම විෂය සංශෝධන සිදුකිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත.(ada.lk)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.