පාසල් සිසුන්ට කිරි වීදුරුවක්
- 2019-07-23 15:20:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23දා) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරිණ.
2025 වන විට ශ‍්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.
‘කිරෙන් සපිරි දැයක්’ තේමාව යටතේ කි‍්‍රයාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඒ සඳහා සහය දෙයි.
මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් බැගින් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප‍්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. රජය මේ සඳහා වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.
පාසල් ළමුන් තුළ පවතින මන්දපෝෂණ තත්ත්වය මැඩ පැවැත්වීමත්, දියර කිරි පරිභෝජනයට මෙරට ජනතාව හුරු කරවීමත්, ලංකාව තුළ දියර කිරි නිෂ්පාදනය ප‍්‍රචලිත කිරීමත්, කිරිපිටි ආනයනය සඳහා වසරකට වැයකරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 380ක විශාල පිරිවැය අවම කිරීමත් මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.
මෙම වැඩසටහනට සමගාමීව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ම කිරි ගම්මාන ඇති කිරීමේ වැඩසටහනක් ද ග‍්‍රාම ශක්ති හරහා කි‍්‍රයාවට නැංවේ.
Reply To:
Name - Reply Comment
0 Comments