Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි ශ්‍රම බලකායක් බිහි කර ගනිමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය (Alaina B. Teplitz)අතර සාකච්ඡාවක් අද (08) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.

ඇමරිකානු ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය 1960 දශකයේ සිට 90 දශකය දක්වා ලබා දෙමින් ඩෙලික් (DELIC) ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. නැවතත් 2020 වසරේ සිට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බැවින්, ඒ සඳහා පළමු අදියරේ දී ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ආරම්භව ගුරුවරුන් 150 ක් දක්වා ගුරු කණ්ඩායමක සේවය දුෂ්කර පළාත්වල සිසුන් සඳහා ලබාදීමට නියමිතය.

මේ වනවිටත් විවිධ පළාත්වල පාසල් තෝරා ගැනීමේ කටයුතු සිදු කරනු ලබයි. මුලින් ම ඌව සහ මධ්‍යම පළාත් දෙක සඳහා මෙම ගුරුවරුන්ගේ සේවය ලබා දෙන අතර එක් ගුරුවරයෙකුගේ ස්වේච්ඡා සේවා කාළය වසර 2 කි. මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක එච්.එම්. සිරිසේන මහතා සහ ඇමරිකානු සාම බලකායේ ජාතික අධ්‍යක්ෂ ක්‍රිෂ් බෙෂ් (Kris Besch) මහතා ඇතුලු අමාත්‍යාංශයේ ඉංග්‍රීසි ඒකකයේ නිලධාරීන් ද ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් ද සහභාගි වුහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.