පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්
- 2019-10-12 08:16:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරිම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු තුළින් යහපත් කායික මානසික සමබරතාවක් දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිම අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.
අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ඉතිරිකිරිමේ බැංකුවත් අතර අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම යටතේ 2020-2023 වර්ෂයන් තුළ මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පෙළපොතට සීමා නොවූ ප්‍රායෝගික අත්දැකීම් සමඟ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අවස්ථා සම්පාදනය කිරිම වෙනුවෙන් සැලසුම් කරන ලද English is simple ව්‍යාපෘතිය සහ පාසල් සිසුන් අතර බෝ නොවන රෝග ප්‍රවණතාව අවම කරමින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න සිසු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් සැලසුම් කරන ලද I am Fit ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමටද යෝජිතය.
ඉංග්‍රීසි භාෂා සංවර්ධන ව්‍යාපෘතිය භාරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා ඒකකයත් සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය භාරව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවත් මූලිකත්වය ගෙන කටයුතු කරයි.
කෂිනි හපුආරච්චි (අද පුවත්පත් අනුග්‍රහයෙනි)
Reply To:
Name - Reply Comment
0 Comments