පාසල් සිසුවෙකුගෙන් ස්වයංක්‍රීය වගා සාධක පාලක යන්ත්‍රයක්
- 2019-12-03 16:07:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් වෙනුවෙන් ස්වයංක්‍රීය වගා කාලගුණික සාධක පාලන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට ගාල්ල බටේමුල්ල ජාතික පාසලේ කේ.ඒ. තුෂාද් විමර්ශ සිසුවා සමත් වී ඇත.
මෙම යන්ත්‍රය පසුගිය 28 දින පැවති සමස්ත ලංකා රොබෝ නිර්මාණ තරගාවලියේදි දිවයිනේ 06 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.
කේ.ඒ. තුෂාද් විමර්ශ සිසුවා කළ මෙකී නිර්මාණය දකුණු පළාතේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
මෙම නව නිර්මාණය මඟින් වගා හෝ තවාන් වලදී නැතිනම් හරිතාගාරයන් තුළ පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැකි වගා සාධක රොබෝ තාක්ෂණය භාවිතා කරමින් පසේ තෙතමනය‚ පරිසර උෂ්ණත්වය‚ වාතයේ තෙතමනය‚ හිතකර වායු සාන්ද්‍රණයේ නියත අගය හා වගාවට අවශ්‍ය සියලු සාධක තිරයක් මඟින් දැකගත හැකිය.
එමෙන්ම පසේ ජල මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වූ විට යන්ත්‍රය මඟින් ශබ්දයක් නිකුත් වන අතර අවශ්‍ය ජලප්‍රමාණය මෝටරයක් යොදා ස්වයංක්‍රීයව අදාළ ස්ථානයට ලබා දෙයි. මෙම යන්ත්‍රය අතින් හැසිරවීම අවශ්‍ය නොවන අතර මෙය නිවසේ ප්‍රධාන විදුලි සැපයුමට හෝ වියළිකෝෂ හෝ සූර්ය පැනලයකට සම්බන්ධ කර පණගැන්වීම සිදු කල හැක.
ඊට අමතරව මෙහි සිසිලන පංකා 2ක් ඇති අතර ඉන් 1ක් වාතය අඩු වූ විට පිටින් වාතය ලබා දීමටත් අනික ඇතුලත වාතය වැඩි වූ විට පිටතට යැවීමටත් නිර්මාණය කර ඇත.
තවද මෙහි උෂ්ණත්වය නියත අගයට වැඩි වුවහොත් සිසිලන පද්ධතිය ස්වයංක්‍රීයවණපන ගැන්වී නැවත නියත අගය ලබා ගනී. එමෙන්ම මෙහි උෂ්ණත්වය අඩු වූවිට නියතව පවත්වා ගැනීමට හීටර් පද්දතියක් ද ඇත. තවද ඇතුළත තෙමනය අවම වූ විට ජලය ස්ප්‍රේ වන අතර එම නලයේ ඇති විශාල සිදුරු වලින් පසේ තෙතමනය පාලනය කරයි.
මෙයට මිනිස් පාලනයක් අවශ්‍ය නැත. මිනිස් පාලනයකින් තොරව මෙය පන ගැන්විය හැකි බව ද මෙහි නිර්මාණකරුවා වන 17 හැවිරිදි වියේ පසුවන තුෂාද් විමර්ශ සිසුවා පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments