Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බෝනොවන රෝග පාලනය කිරීමේ අරමුණින් මෙතෙක් පැණිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝන ආහාර සඳහාද අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා ආහාර සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා වෙත අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ 1980 අංක 26 දරණ ආහාර පනතඅනුව නව නියෝගය අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව ඝන ආහාර, අර්ධ ඝන ආහාර සහ දියර ආහාරවල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සඳහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශනය කළ යුතුවේ.

දියවැඩියා රෝගීන් අවම කිරීම සඳහා පැණිබීමවලට වර්ණ සංකේත ක්‍රමයක් ඇතුළත් කිරීම 2017 වසරේ සිට ක්‍රියාත්මක වූ අතර, මේ පිළිබඳ ඝන ආහාර, අර්ධ ඝන ආහාර සහ දියර ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ද 2018 වසරේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දැනුවත් කර තිබිණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.