Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහල නැංවීම තුළින්, නාගරික ප‍්‍රදේශයන් මුහුණ දෙන වායු දුෂණය, පරිසර උෂ්ණත්වය වැඩිවීම වැනි ගැටළු අවමකර සෙවන සහිත සුවදායී තිරසර නගර ඇති කිරීම අරමුණු කරගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත "සහසක් තුරු" රුක් රෝපණය කිරීමේ ජාතික පුර සෙවන වැඩසටහන හෙට (09) දා මහනුවර ගන්නෝරුව ගඟබඩ උද්‍යානයෙන් ඇරඹේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශය මගින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. පළමු අදියර යටතේ ගස් 300 ක් සිටුවීමට කටයුතු කරන අතර මෙම වැඩපිළිවෙළ ලංකාවේ වැඩිම වායු දූෂණයක් ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර  දෙවැනි අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට ද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
-----------------------------------------------------------------------------------------------------------------------------------------

සෑම පවුලකටම එක් ගසක් රැක බලාගැනීමේ වගකීමක්

‘සහසක් තුරු’ ජාතික තුරු සෙවණ වැඩසටහන යටතේ  නිවාස සංකීර්ණවල වාසය කරන සෑම පවුලකටම එක් ගසක් රැක බලාගැනීමේ වගකීම ලබාදීම සඳහා වූ වැඩපිළිවෙළක් දියත් කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ මහනුවර ගඟබඩ උද්‍යානයේදීපැවැති ‘%සහසක් තුරු’ මිලියනයක් ශාක සිටුවීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද යුරෝපයේ රටවල් බොහෝමයක, ජපානය, කොරියාව මේ හැම රටකම අධික උෂ්ණත්වය නිසා මිනිසුන් මියයන යුගයක් එළඹිලා තිබෙනවා. ජපානයේ පමණක් 200කට අධික ප‍්‍රමාණයක් මහා වර්ෂාවලින් වගේම අධික උණුසුමින් මිය ගිහින් තිබෙනවා. ඒ වගේම කැනඩාව වැනි ඉතාමත් ශීත රටවල පවා තාප සුළං නිසා විශාල පිරිසක් මිය යමින් සිටිනවා. මෙය පාලනය කරන්න බැරි තත්ත්වයක් යැයි දැන් විද්‍යාඥයෝ අනුතුරු හඟවනවා. එම තත්වය හමුවේ අපේ වායුගෝලයේ උණුසුම පාලනය කරන්න වගේම පිරිසුදු වායුව ආශ්වාස ප‍්‍රාශ්වාස කරන්න ගහකොළින් වන සේවය අපරිමිතයි.

ලංකාවේ මහනුවරින් මෙම වැඩසටහන ආරම්භ කරන්න ප‍්‍රධානතම හේතුව තමයි මහනුවර වායු දූෂණය. එය විද්‍යාත්මකවත් ඔප්පු වූ කාරණයක්.

මේ මහනුවරත් මෙම කි‍්‍රයාවලිය දියත් කිරීමෙන් අපට යම් ප‍්‍රමාණයකට මේ කාරණා කිහිපයක් පාලනය කරන්න පුළුවන්. එකක් අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීමේ කි‍්‍රයාවලියත් ආරම්භ කරන්න පුළුවන්. හොඳින් වැඩුණු ගසකට 04 දෙනෙකුට ප‍්‍රමාණවත් ඔක්සිජන් දවසකට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකට වසරකට මේ වායු ගෝලයේ තිබෙන දූෂිත කාබන් කිලෝග‍්‍රෑම් 12ක් පමණ අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකින් හොඳ ජල වාෂ්ප සංයුතියක් ලබාදෙනවා මෙන්ම සෙවණක් ලබාදෙනවා. ඒ වගේම ජලය සංරක්‍ෂණය වීමද සිදුවෙනවා. මේ සියලු කරුණුත් සමග නෙතට හොඳ දසුනක් මේ තුරුවදුලු සමග අපට ලැබෙනවා. ඒ වගේම කොන්ක‍්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීම නිසා ඇතිවන තාප දූපත් මේ මගින් පාලනය වෙනවා. මේ වගේ කාරණා ගණනාවක් නිසා තමයි නගරවල ගස්කොළං සිටුවීම අපි ආරම්භ කළේ.

මේ හැම ගහක්ම අපි යම් නිශ්චිත ආකාරයකට ඒ අයව අපි රෙජිස්ටර් කරගෙන තිබෙනවා. ගස තිබෙන්නේ කොහේද කියා අපි දන්නවා. ගහේ වර්ධනය අපි සලකුණු කරනවා. ගහට අනතුරක් සිදුවෙනවාද නැද්ද යන්න වගකීම දරන්නෙක් සිටිනවා. ඒ අනුව මෙම ගස් සුරක්‍ෂිතව වැඩෙන බවට රක්ෂණාවරණයක් සමග තමයි අපි මේ පැළ  සිටුවන්නේ. ඕනෑම කෙනෙකුට මේ සඳහා දායක විය හැකියි*යනුවෙන්ද පවසා සිටියේය.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.