පිරිවෙන් ආරම්භයත් පාසල් ආරම්භ කරන දිනයේම
- 2020-06-04 13:22:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙස සැලකියුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙතෙක් නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් වල පවත්වාගෙන ගිය නේවාසික දිනචර්යාවට අදාළ වනපොත් කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී නේවාසික කටයුතු මෙන්ම බාහිර සිසුන්ගේ හා බාහිර ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් තොරව පිරිවෙන් කෘත්‍යාධිකාරී නාහිමියන්ගේ හා පරිවේනාධිපති හිමියන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බව ද එම නිවේදනයේ දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments