පිලිප් කුමරු ප්‍රසිද්ධ රාජකීය දිවියට විශ්‍රාම දෙයි
- 2017-05-04 17:36:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත දෙවැනි එළිසබෙත් රැජිනියගේ සැමියා වන පිලිප් කුමරු සැප්තැම්බර් මාසයේ සිට ප්‍රසිද්ධ උත්සව සඳහා රජ කුමරෙකු වශයෙන් සම්බන්ධ වීමේ ආරාධනා බාර නොගැනීමට තීරණය කර ඇති ඇතැයි බකින්හැම් මාළිගය නිවේදනය කරයි.
පිලිප් කුමරු මේ වනවිට 95 වැනි වියේ පසුවන අතර, එංගලන්ත රැජිනිය හා වසර 65ක පමණ කාලයක් ඔහු රාජකීය කටයුතු සඳහා එක්ව තිබේ.
91 වැනි දෙවැනි එළිසබත් රැජිනද මේ වනවිට ක්‍රමයෙන් ප්‍රසිද්ධ උත්සව සඳහා එක්වීම අඩුකර තිබේ.
එඩිම්බරෝ ආදිපාදවරයා ලෙසින්ද හඳුන්වන පිලිප් කුමරු, අගෝස්තු මාසය දක්වා බාරගෙන ඇති උත්සව සඳහා එක්වීමට නියමිතය.
පිලිප් කුමරාගේ හා එළිසබෙත් රැජනියගේ 70 වැනි විවාහ සංවත්සරය නොවැම්බර් මාසයේදී සැමරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments