පේරාදෙණිය සරසවියෙන් පුස්කොළ පොත් සංරක්ෂණ මධ්‍යස්ථානයක්
- 2018-05-16 10:23:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවතම ක්‍රමවේදයට අනුව පුස්කොල පොත් සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේදී අද (15) විවෘත කෙරිණි. විශ්ව විද්‍යාලයක් සතු විශාලතම පුස්කොල පොත් එකතුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතු වන අතර එය දෙවැනි වන්නේ කෞතුකාර දෙපාර්තමේන්තුවේ පුස්කොල පොත් එකතුවට පමණි. මෙම උත්සවයේදී අදහස් දැක්වු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා මෙසේ පැවසීය.
‘පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතුව විශාල පුස්කොළ පොත් සම්භාරයක් තිබෙනවා. ඇතැම් අත්පිටපත් පළ වී නැහැ. නමුත් විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයන කරන අයට අවස්ථාවක් හිමිවන්නේ නම් විශාල තොරතුරු ප්‍රමාණයක් ඔවුන්ට ලබා ගත හැකියි. දැනටමත් ඕනෑම විශ්ව විද්‍යාල සිසුවෙකුට සිය හැදුනුම්පත පෙන්වා තහවුරු කිරීම තුළින් මෙම විශ්ව විද්‍යාලයේ පොත් පරිශීලනය කිරීමේ අවස්ථාව තිබෙනවා. ඉදිරියේදී මෙම විශ්ව විද්‍යාලයේ දැනුම සමාජගත කළ හැකි නව ක්‍රමයක් යොදනවා.’
එහිදි විශේෂ දේශනය පැවැත්වු පුරාවිද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය පියතිස්ස සේනානායක මහතා මෙසේ පැවසීය. විධිමත් සංරක්ෂණයක් සිදු නොවීම නිසා පුස්කොළ පොත් ඇතුළුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතු කෞතුක භාණ්ඩ රැසක් විනාශ වෙමින් පැවතිනවා. නමුත් යෝජිත පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය නිසා එම උරුමයන් ඉදිරි පරම්පරාවන් සඳහා රැකගැනීමේ හැකියාව ලැබෙනවා. පුස්කොල පොත් සම්බන්ධයෙන් අප උනන්දු වන්නේ මෙරට ඓතිහාසික උරුමය, සංස්කෘතිය, ආගම, කලා ශිල්ප, වෙදකම්, ගුප්ත ශාස්ත්‍ර ආදී නානාවිධ විෂයන් සඳහන් වන්නේ පුස්කොල පොත් තුළ නිසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය පුස්කොල පොත් 5200 කින් පමණ සමන්විතයි. මේ සියලු පොත් සංරක්ෂණය විය යුතුයි. දීපවංශය රචනා වී තිබෙන්නේ ක්‍රි.ව.4 වැනි සියවසේදීයි. ක්‍රි.ව.5 හෝ 6 වැනි සියවස් වලදී මහාවංශය රචනාවීම ආරම්භ වුණා. නමුත් මෙහි මුල් පිටපත් අපට හමුවෙන්නේ නැහැ. බහුල වශයෙන් අපට හමුවන්නේ මහනුවර යුගයේදී යළි පිටපත් වූ පුස්කොල පොත් පමණයි.
Reply To:
Name - Reply Comment
0 Comments