Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට ජීවත්වන ජනතාවට  ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මස සිට ආරම්භ කරන  බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා  කියයි. ඊ-හෙල්ත් කාඩ්පතට රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුළත් කරනු ලැබේ. ඒ නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙති. 

ශ්‍රී ලංකාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම 2018 වසරේ අප්‍රේල් මස 07 දින පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වැනි සංවත්සර උළෙලේ දී සිදු කෙරිණි. කළුතර මහ රෝහල,  බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ තුළ දී ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිමට  සැළසුම් කර ඇත. නව තාක්ෂණය හදුන්වාදීම තුළින් ඩිනමින් සෞඛ්‍යා සේවා කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි. මෙයට සමගාමීව දිවයින පුරා රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙල ද සාර්ථකව සිදු වෙමින් පවතින බවත් හොරණ මූලික රෝහලෙන් 2015 වසරේ දී ආරම්භ කළ එම වැඩපිළිවෙල මේ වන විට රෝහල් 500 කට ආසන්න සංඛ්‍යාවක් පරිගණක ගත කර  තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.