Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පෙරපාසල් නැවතආරම්භ කිරීම පිළිබඳ තීරණය පළමු ශ්‍රේණියේ දරුවන්ටපාසල් ආරම්භ කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්‍ෂණ අමාත්‍යාංශයසඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇතිමාර්ගෝපදේශයන්ට අනුකූලව දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි පළමුවැනිදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍යඅමාත්‍යාංශය විසින් මේ වනවිටත් සෞඛ්‍යමාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, හුස්ම හිරවීමේ අවදානමක් ඇති බැවින් වයස අවුරුදු 2ට අඩු දරුවන්, ළදරුවන්ට හා ළමයන්ට මුහුණු ආවරණ පැලඳීමෙන් වැළකිය යුතු බවත්, වයස අවුරුදු 3 සිට 5 දක්වා පෙරපාසල් දරුවන්ට මුහුණු ආවරණ පැලඳිමේ සංකල්පය ඉගැන්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ළමා දිවාසුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල්වලට අදාළ සෞඛ්‍යමාර්ගෝපදේශයන්ගේ සඳහන් වේ.

දිවාසුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් කළමනාකාරිත්වය විසින්අමාත්‍යාංශයවිසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික කර පළාත් පාලන ආයතනයට හා ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීම අනිවාර්ය බවද අදාළ මාර්ගෝපදේශයන්ගේ ඇතුළත්ය.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි යම් රෝගී තත්ත්වයක් ඇතිදරුවන් පෙරපාසල්ට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත නොඑවීමට දෙමවුපියන් වගබලාගත යුතු බවත්, පෙරපාසල හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුළදී එවැනි යම් රෝගීතත්ත්වයක් මතු වුවහොත් එම දරුවන් වෙන් කර තැබීම සඳහා යහනක් සහිත ස්ථානයක් පැවතිය යුතු බවත් ඇතුළු සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් මාලාවක් අමාත්‍යාංශය විසින් කළමනාකාරීත්වයට, ගුරුවරුන්ට හා දෙමවුපියන්ට ලබාදී තිබේ.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.