පෙළපොත් නොලැබු සියලුදෙනාට පෙළපොත් නව පාසල් වාරයේ පළමු දිනයේම
- 2019-12-04 15:02:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත්, සිසුන් 1,500ට වැඩි සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුවම බෙදා දි ඇති බවත්, අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබාදී ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් සිසුන් 1,500ට අඩු, අමාත්‍යාංශය විසින් සෘජුව පෙළ පොත් ලබා දී නොමැති පාසල්වලට මේ දක්වා සියලුම පෙළපොත් දරුවන් වෙත ලැබී නොමැති බවත්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලින් තම පාසලට අදාළ සියලුම පෙළපොත් රැගෙන ගොස් නැති බව ද අනාවරණය වී තිබේ.
මේ නිසා තම පාසලට අදාළ සියලුම පෙළපොත් අදාළ මධ්‍යස්ථානවලින් භාරගෙන 2020 පාසල් වර්ෂයේ පළමු පාසල් දිනයේම සිසුදරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත්, පෙළ පොත් ඌනතා පිළිබඳ කිසියම් දැනුම් දීමක් තිබේනම් 0112784815 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments