Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නීය.

 නවීන තාක්ෂණය හා බැදුණු නව නිපැයුම් ඇගයීම වෙනුවෙන් Construction of Industry Solutions (COINS) ආයතනය මගින් ලොව රටවල් ගණනාවක නව නිපැයුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන තරගයේදී ඇය මෙම ජයග්‍රහණ්‍ය හිමිකර ගත්තාය.

ඇමරිකාව, චීනය, එංලන්තය නියෝජනය තමන් සමග එංගලන්තයේ පැවැති අවසන් වටය සඳහා කරමින් නව නිපැයුම්කරුවන් හය දෙනෙකු තේරුණු බවත් ඇය ප්‍රකාශ කළාය.

ලොව පිළිගත් මහචාර්යවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලය ඒ අතරින් හොඳම නිර්මාණය ලෙස තම නිර්මාණය තෝරා ගත් බවත් ඇය සඳහන් කළේය.

අධිවේගි මාර්ග ඇතුළු ප්‍රධාන මාර්ග ඉදි කිරිමේදී පස් සාම්පල පරීක්ෂාව සඳහා විද්‍යාගාර වලට ගෙන යායුතු බවත් මේ සඳහා අධික වියදමක් මෙන්ම කාලයක්ද ගත වන බවත් තම මෘදුකාංගය හරහා කාලය හා මුදල් ඉතිරි කරගත හැකි යැයිද ප්‍රකාශ කළාය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ මහචාර්ය එස්.බී.එස් අබේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඇය මෙම නිර්මාණය සිදුකර තිබේ.

පශ්චාත් උපාධි අපේක්ෂක ජානක වික්‍රමසූරිය මහතාගේ සංකල්පයක් මත මෙම පස් සාම්පල අදාළ ස්ථානයේදීම පරීක්ෂා කිරීමට අවශ්‍යය පරීක්ෂණ සිදුකළ බවත් එය ප්‍රතිපල ජංගම දුරකතනයට පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංගය තමන් නිර්මාණය කළ බවත් ඇය ඇය පැවැසුවාය.

චමිල් රූපසිංහ

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.