Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලවල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබේ.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ශාඛාවන් පිටරටක පිහිටු වීමට ලැබීම, ලංකාවේ අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට ලැබුණු අවස්ථාවක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

මහනුවර යහලතැන්න මුස්ලිම් විද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයේ දී ඇමති රවුෆ් හකීම් මහතා මේ බව අනාවරණය කළේය.

මාලදිවයිනේ ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික දින සැමරුමේ ආරාධිත අමුත්තා ලෙස එක්වූ අතර එහිදී පැවැති සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා මාලදිවයිනේ තනි දූපතක් ලබා දීමටත් නියමිතය. එහි සිටින ශිෂ්‍යශිෂ්‍යාවන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යාපන කටයුතු හදාරා අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ එම පාඨමාලාව සම්පූර්ණ කළ යුතු වෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.