පොලොන්නරුවේ කලා අංශ ප්‍රථමයට මුදල් ත්‍යාගයක්
- 2019-01-15 12:52:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැදිරිගිරිය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා පසුගිය වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වූ අකිලා ඉෂානි විජේරත්න සිසුවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රුපියල් ලක්ෂ දහයක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීය.
මැදිරිගිරිය ජාතික පාසලේ විදුහල්පති රුවන් කුමාර, එම සිසුවියගේ පියා වනෙ එච්.ආර්. විජෙරත්න, මව වන කුමුදුනී පුෂ්පලතා යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හෂිනී වාසනා සෙව්වන්දි සිසුවියගේ ද ඉදිරි අධ්‍යාපන සහ කලා කටයුතු වෙනුවෙන්ද රුපියල් ලක්ෂ 7ක මූල්‍ය ත්‍යාගයක් පිරිනමා තිබේත
එම සිසුවිය විසින් හැඩතල හා වර්ණ යොදා ගනිමින් ඇ`දි සිතුවමක් 2017 වසරේ දී උතුරු මැද පළාතේ විශිෂ්ට නිර්මාණයක් ලෙස තේරි පත්වීමෙන් පසු පාසලේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපති කළ ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය ලබා දී තිබේ.
මීට පෙරදී ද එම සිසුවියගේ ඉල්ලීමක් පරිදි එම පවුල වෙත රුපියල් ලක්ෂ 45 ක් වටිනා නව නිවසක් ද ජනාධිපතිතුමා විසින් ලබා දී තිබිණි.මේ අවස්ථාවට එම සිසුවියගේ පියා වන සුමිත් රෝහණ මහතා සහ මව වන ප්‍රියංගිකා කුමාරි මහත්මිය ද එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments