පොලොන්නරුව ඉටි රූ කෞතුකාගාරය විවෘතයි
- 2019-11-13 15:53:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (12දා) පස්වරුවේ විවෘත කෙරිණි.
නූතන යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන ජනතාවට අවබෝධ කරදීම සහ පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ එක් රැස්කිරීමට හා ඒවා මතු පරපුරට සංරක්ෂණය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුගාරය ලෙස මෙම කෞතුකාගාරය ජනාධිපති අතින් ජාතියට අයිතියට පසුගිය ජූලි 03 වනදා පත් කලේය.
කෞතුකාගාරයේ විශේෂ අංගයක් වූ ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති අතින් විවෘත කෙරුණු අතර නිදහස ලැබීමෙන් පසු මෙරට පහළ වූ රාජ්‍ය නායකයන්ගේ රුව එහි නිර්මාණය කර තිබේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ධූර කාලය තුළ විදේශ රාජ්‍ය නායකයන්ගෙන් ලද ත්‍යාග සහ සිහිවටන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත පවරාදීමට ජනාධිපති කටයුතු කර තිබෙන අතර එම භාණ්ඩ තැන්පත් කර පොළොන්නරුව තාක්ෂණික කෞතුකාගාරයේ සකස් කෙරුණු මැදිරිය ද මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි.
මෑතකාලීනව සිදුකෙරුණු විශාලතම ව්‍යාපෘතියක් ලෙස ජාතියට දායාද කෙරුණු පොළොන්නරුව තාක්ෂණික කෞතුකාගාරය පිහිටි ඉඩමේ ඔප්පුව කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීමේ ලිපි ලේඛන ද මෙහිදී ජනාධිපති අතින් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය වෙත භාරදීම සිදු විය.
Reply To:
Name - Reply Comment
0 Comments