Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2019 ජුනි මස 16 වැනිදාට යෙදී තිබෙන පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව පිරිවෙන්, බෞද්ධ සිසුන් බහුතරයක් ඉගෙනුම ලබන පාසල්වල හා සෙසු සියලු අධ්‍යාපන ආයතනවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය චක්‍රලේඛයක් මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති වහන්සේලා සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

12 වැනිදා -  මහින්දාගමනය අනුස්මරණය කිරිම සඳහා පාසල් පරිශ්‍රය හා පන්ති කාමර තුළ බෞද්ධ කොඩිවලින් සැරසීම

13 වැනිදා - අසරණයන්ට පිහිටවීම මුල් කරගත් වැඩසටහන් අදාළ පාසල්වල විදුහල්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීම

14 වැනිදා - ශීල වැඩසටහන්

15 වැනිදා - මහින්දාගමනය අනුස්මරණය කිරිම සඳහා තම නිවෙස්වල සැරසිලි කිරිම

16 වැනිදා - දෙමවුපියන්, වැඩිහිටියන් සමඟ ශීල සමාදාන වැඩසටහන්වලට සහභාගිවිම හෝ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ඇප උපස්ථාන කිරිම හා සෙසු ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදීම

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.