බ්‍රිතාන්‍ය රැජනගෙන් සම්මාන ලබන ලාංකික වෛද්‍යවරිය

2025 මැයි මස 13 පෙ.ව. 04:29 - {{hitsCtrl.values.hits}}  

බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ( OBE - Order of the British Empire ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.

ඇය බ්‍රිතාන්‍ය තුළ විශේෂඥ මනෝ චිකිත්සකවරියක් ලෙස කටයුත් කරයි. නිමාලිගේ පියාද වෛද්‍යවරයෙක් වන අතර ඇයගේ මව හෙදියකි. නිමාලිට අවුරුදු 7 දී ඔවුන් එංගලන්තයට ගොස් තිබේ.

නිමාලි මොඩ්ස්ලි ජාතික සෞඛ්‍ය පදනමේ කටයුතු කරන අතර එය ලන්ඩන් නුවර පිහිටා තිබේ.  ඇය ගර්භනී අවස්ථාවේ දරු උපතේදී හා උපතින් පසුව කාන්තාවන්ගේ මනෝ සෞඛ්‍ය වෙනුවෙන් මෙන්ම මනෝ සෞඛ්‍ය වර්ධනය උදෙසා කටයුතු කරන වෛද්‍යවරියකි.

මේ පිළිබඳව බී.බි.සී. සිංහල පුවත් සේවයට අදහස් දක්වා ඇති නිමාලි පවසන්නේ "මට හරිම සන්තෝසයි. කියන්නේ මම හිතුවේ නෑ. කොහොමද කියන්නේ ... මේක ලැබේවි කියල මම හිතුවෙම නෑ."

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...