Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දෙදින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහාවූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුවටසහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දරනු ලබයි.

සමුළුව අවසානයේදී, බිම්ස්ටෙක් සංවිධානයේ  වත්මන් සභාපතිත්වය දරන නේපාලය විසින් එම සභාපති ධුරය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.

සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ගේ හුදෙකලා රැස්වීමක්ද ඇතුළත් සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවට පෙර 16 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමද, බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ 19 වැනි සැසිවාරයද පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ජනාධිපතිවරුන්, ඉන්දියාවේ, බංග්ලාදේශයේ, නේපාලයේ සහ තායිලන්තයේ අග්‍රාමාත්‍යවරුන් මෙන්ම භූතාන රජයේ ප්‍රධාන උපදේශකවරයා මෙම සමුළුව සඳහා සහභාගි වන සිය දූත පිරිස්වල නායකත්වය දරති. හෙට(30දා) සහ අනිද්දා (31දා)සමුළුව පැවැත්වේ. සමුළුවේ අවසන් දිනය වන අනිද්දා(31දා)රාජ්‍ය නායකයන් විසින්, %සාමකාමීබවෙන්, සශ්‍රීකත්වයෙන් සහ තිරසරබවෙන් යුත් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයක්^ යන මැයෙන් යුත් සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවේ ප්‍රකාශනය සම්මත කරගැනීමට නියමිතය.

මීට අමතරව,සමුළුව අතරතුර බිම්ස්ටෙක් විදුලි ජාලක  අන්තර් සම්බන්ධතාව වෙනුවෙන් එළඹෙන අවබෝධතා ගිවිසුමකටද රාජ්‍ය නායකයන් ඉදිරිපිටදී අත්සන් තැබීමට නියමිතය.

සමුළුවේ රැස්වීම් අතරතුර බිම්ස්ටෙක් කලාපයේ වර්ධනය සහ ආර්ථීක සෞභාග්‍යය ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛතා අංශ යටතේ එකඟවූ මූලාරම්භයන් රැසක් සමාලෝචනයට ලක්කිරීමටද නියමිතය. වෙළෙඳ හා ආයෝජන, තාක්ෂණය, බලශක්තිය, ප්‍රවාහනය හා සන්නිවේදනය, සංචාරක කටයුතු, ධීවර කටයුතු, කෘෂිකර්මය, සංස්කෘතික සහයෝගිතාව, පරිසරය සහ ආපදා කළමනාකරණය, මහජන සෞඛ්‍යය, පුද්ගලාන්තර සම්බන්ධතා, දිළිඳුකම පිටුදැකීම, ත්‍රස්තවාදය පිටුදැකීම හා ජාත්‍යන්තර අපරාධ සහ දේශගුණික විපර්යාස බිම්ස්ටෙක් සංවිධානයේ සහයෝගිතාව යටතට අයත් ප්‍රමුඛතා අංශ වේ.

ශ්‍රී ලංකා දූත පිරිස වෙනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහවිදේශ අමාත්‍යාංශයේ හා කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහුද සමුළුවට සම්බන්ධ රැස්වීම්වලටසහභාගි වෙති.

සිය නේපාල සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැප්තැම්බර් මස 01 වැනිදා එරට ජනාධිපතිනි බිද්‍යා දේවි භන්දාරි මහත්මිය සහ අග්‍රාමාත්‍ය ඛඩ්ගා ප්‍රසාද් ඔලි මහතා හමුවීමට නියමිතය.

මීට අමතරව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැප්තැම්බර් මස 01 වැනිදා ලුම්බිණි නුවරට යෑමටනියමිතඅතර, සැප්තැම්බර් මස 02 වැනිදා කත්මණ්ඩු නුවර සාක් මහලේකම් කාර්යාලයට පැමිණ එහි පැවැත්වෙන රුක් රෝපණ වැඩසටහනකටද එක්වීමට නියමිතය.

(ඡායාරූප සහ විඩියෝව ජනපධිපති මාධ්‍ය අංශය)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.