Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බවත් ඒ සඳහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පළව ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මෙරට ඉන්දිය මහා කොමසාරිස් තරංජිත් සිං මහතා සහ තමා අතර පැවති සාකච්ඡාවකදි මේ සම්බන්ධයෙන් අවධානය යොමු වු බව රණතුංග මහතා කියා සිටී.

ඉන්දියානු රජය සිය ගුවන් ගමන් සේවා මඩකලපුව ගුවන් තොටුපළ දක්වා ද සිදු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇමතිවරයා කියා සිටියේ ය. දැනට ඉන්දීය ගුවන් ගමන් කටුනායකට හා යාපනය පලාලි ගුවන් තොටුපල දක්වා සිදුකෙරේ.

මඩකලපුව ගුවන්තොටුපල 1958 දි සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කරන ලද්දකි. රටේ පැවති වාතාවරණය අනුව 1983 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගුවන් තොටුපල භාරගෙන ඇති අතර පසුව එය ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් කදවුරක් ලෙස ද පවත්වාගෙන ගියේ ය.

 2018 මාර්තු 25 වන දින මෙය නැවත සිවිල් ගුවන් සේවා කටයුතු සදහා විවෘත කෙරිණ. දැනට දෛනිකව පෙ.ව 08.00 සිට සවස 06.00 දක්වා මඩකලපුව ගුවන් තොටුපළේ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.

මඩකලපුව ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස දියුණු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග හා එම ගුවන් තොටුපලේ දියුණු කළ යුතු අංශ පිළිබද වාර්තාවක් ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනටමත් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.