Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28 වනදා දක්වා කි‍්‍රයාවට නංවා තිබෙන අතර ඒ යටතේ ප‍්‍රධාන වැඩසටහනක් ලෙස ජනවාරි 21 වනදා සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය කි‍්‍රයාත්මක කෙරේ.

එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී පැවැත්විය.

යාපනයේ දිස්ති‍්‍රක්කයේ පාසල්වල සිසුන් එක් ලක්ෂ පනස්දහසක් පමණ උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප‍්‍රතිඥාව ලබාදීමටත් අද කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය තුළදී අද මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමර තුළ දරුවන් දැනුවත් කිරීමේ කි‍්‍රයාකාරකම් ද, ජනවාරි 22 වැනි දා මවුපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමඟ සිදු කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද, ජනවාරි 23 වැනි දා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදු කරනු ලබයි.

ජනවාරි 24 වැනි දා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 25 වැනි දා විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් තුළ හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප‍්‍රචලිත කිරිම හා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 26 වැනිදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාකාරකම් ඇතුළු වැඩසටහන් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එමෙන් ම ජනවාරි 27 වැනිදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු කි‍්‍රයාවට නැංවෙයි.

සමාජයට පණිවිඩයක් ලබාදීමට හොඳම පණිවිඩකරුවා පාසල් දරුවා බවයි. එබැවින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ දී පාසල් සිසුන් ඊට සකී‍්‍රය ව දායක කර ගැනීමේ වැදගත්කම  ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේ ය.

කිලිනොච්චිය හා මුලතිව් දිස්ති‍්‍රක්කවල ගංවතුරෙන් හානියට පත් පාසල් 11 ක ප‍්‍රතිසංස්කරණ කටයුතුවල මූලික වියදම් සදහා මුදල් ලබාදීම, මුලතිව් දිස්ති‍්‍රක්කයේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 13 ක් සඳහා ජල පහසුකම් සපයා ගැනීමට මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රසක් ද මෙහිදී ජනාධිපතිවරයා  අතින් සංකේතවත් කෙරිණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.