මහත්මා කෝලි
- 2019-06-10 11:44:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.
මෙහිදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටිය ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත්ට ඉන්දීය ප්‍රේක්ෂකයන් විරෝධය පළ කරන්නට විය. ඒ ස්ටීවන් ස්මිත් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.
කෙසේ වෙතත් ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ මෙම ක්‍රියාවට කෝලි විරෝධය දැක්වූ අතර එහිදී ඔහු ඉන්දීය ප්‍රේක්ෂකයන්ට සංඥාවෙන් පැවැසුවේ ස්ටීවන් ස්මිත්ට අත්පොළසන් දී සහයෝගය පළ කළ යුතු බවයි.
ඉන්දීය නායකයාගේ මෙම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට පාත්‍ර විය.
දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදි ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ලක්ව වැරදිකරුවන් බවට පත්වූහ.
කෙසේ වෙතත් වසරක තහනම් කාලයකින් පසුව ස්මිත් හා වෝනර් නැවතත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට පැමිණ සිටින අතර ඔවුන් දෙදෙනාම ඉහළ රිද්මයකින් පන්දුවට පහර දෙමින් සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments