මහනුවර ධර්මරාජ විදුහල් බාලදක්ෂ සමූහයට වසර 105
- 2018-09-19 12:12:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට වසර 105 ක් පිරීම සහ විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංගමයට වසර 40 පිරීම නිමිත්තෙන් පළමු වරට මෙරට බාලදක්ෂයින් සදහා ආපදා කළමනාකරණ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙයවීම යටතේ ලබන 21 වැනිදා සිට 23 දක්වා ධර්මරාජ විද්‍යාලයීය ලේක්විව් පාර්ක් ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන සර්ටෝරා - 2018 නමින් නම් කර ඇත.
එහි ප්‍රථම නිල ලාංඡනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (18දා) පැළදවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් එම ලාංඡනය ජනාධිපතිවරයා වෙත පැළදවූ අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොමසාරිස් මෙරිල් ගුණතිලක, ධර්මරාජ ආදි බාලදක්ෂ සංගමයේ (ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ) සභාපති මිත්‍ර මායාදුන්නේ, සුමින්ද විතානාරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments