Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලඳවිම  (12) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

මාතර දිසා බාලදක්ෂ සංගමයේ උපදේශක, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීය.

සියවස් සමරු ජම්බෝරිය 2019-05-01 වන දින සිට 2019-05-05 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් එළිදැක්වුණු වෙබ් අඩවිය ද මෙහි දී ජනාධිපති අතින් විවෘත කෙරිණි.

මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් වී.ජී. ඉන්දික ප්‍රසන්න, සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් සංජය කුමාර, සියවස් සමරු ජම්බෝරියේ නියෝජ්‍ය සභාපති පද්මකුමාර ඩයස් සමරවීර, ලේකම් තිරුන්ද තුෂාක ලියනගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.