මානව සංවර්ධන දර්ශකයෙන් ලංකාව ඉදිරියට
- 2019-12-10 11:27:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කරන ලද නවතම මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
2018 වසරේ දත්ත යෝදාගෙන 2019 වසර වෙනුවෙන් නිකුත් ඇති මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව 71 වැනි ස්ථානයට පත්ව තිබේ. 2017 වසරේ දත්ත යෝදාගෙන 2018 වසරේදී නිකුත් කළ දර්ශකයේදී ශ්‍රී ලංකාව 76 වැනි ස්ථානය හිමිකරගෙන තිබුණි.
නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධනයක් අත්කර ගත් රටවල් අතරට එක්ව තිබේ.
රටවල් 189ක දත්ත පදනම් කරගෙන මෙම දර්ශකය ගණනය කර තිබේ. එහි පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව තිබේ. අවසන් ස්ථානයට නයිජර් රජය පත්ව තිබේ.
අසල්වාසි ඉන්දියාව 129 වැනි ස්ථානයේ පසුවන අතර චීනය 85 වැනි ස්ථානයේ පසුවෙයි.
ආයු අපේක්ෂාව, සාක්ෂරතාව හා ඒක පුද්ගල ආදායම යන දර්ශක පදනම් කර ගනිමින් මෙම දර්ශකය ගණනය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments