මාලඹේ සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර
- 2017-01-31 11:16:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ලියාපදිංචි වෙන වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ගොනු කළ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව අද (31දා) ලබාදුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, එස්. තුරෙයිරාජා යන මහත්වරුන් මෙම තීන්දුව ලබාදුන් අතර මල්ෂානි සුරවීරආච්චි හා දිලුම් සූරියආරච්චි යන සිසුන් දෙදෙනා මෙම රීට් පෙත්සම ගොනු කරනු ලැබීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමති හා උසස් අධ්‍යාපන ලේකම් යන පුද්ගලයින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments