Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මුලතිව්,මාන්කුලම පනික්කන්කුලම ඔය අසබඩ ප්‍රදේශයේ තිබි ප්‍රාග් මානවයා භාවිතා කළ ගල් ආයුධ කිහිපයක් ඇතුළු පැරණි නටබුන් කිහිපයක් හමුවු බව යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ‍මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා පැවසීය. අදාළ ප්‍රදේශ‍යේ පෞරාණික වස්තු පවතින බවට ගම්වාසීන් සිදුකළ දැනුම්දීමක් මත තමන් අදාළ ප්‍රදේශයේ සිදුකළ කැනීමකදී එහි  ප්‍රාග් මානවයන් භාවිතා කළ ගල් ආයුධ බවට සැකකෙරෙන පුරාවිද්‍යා නටබුන් රැසක් හමුවු බවට මහාචාර්යවරයා පෙන්වා දෙයි.

තම නිගමනයන්ට අනුව අදාළ ගල් ආයුධ වසර දහස් ගණනකට එපිට සමයේ භාවිතා කළ බවට තමන් විශ්වාස කරන අතරම සොයාගත් ගල් ආයුධ සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් වෙත  යොමු කිරීමට නියමිත බවත් පනික්කන්කුලම ඔය අසබඩ ප්‍රදේශයේ ඉපැරණි ජනාවාස පැවති බවට ශිලා ස්ථම්භ කොටස් කිහිපයක්ද නිරීක්ෂණය වූ බවට ඒ මහතා පැවසීය.

අදාළ ස්ථානය මාන්කුලම ඝන කැළැ ප්‍රදේශයන්ගේන් පවතින අතර නටබුන් හා ගල් ආයුධ හමුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත තොරතුරු වාර්තා කොට ඉදිරියේදී විධිමත් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට නියමිතව ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ පුරාව්ද්‍යා අධ්‍යයනාංශය  භාර ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය වශයෙන් උතුරු පළාතේ පුරාවිද්‍යා  උරුමය සොයා පරීක්ෂණ රැසක් කළ මහාචාර්යවරයෙකු වශයෙන් පරමු පුෂ්පරත්නම් මහතා කිර්තියට පත් පුද්ගලයෙකි.(ada)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.